මිලාන මලකිmilaana malaki

Milana Malaki

Lyrics

මිලාන මලකි බඹරුනි මා
මා මිලාන මලකි
නමුදු බඹර ඔබෙ පහසින් නැවතත්
විකසිත විය හැකි වේ

මිලාන බව ඔබ දනිමිය කුසුමේ
පිබිදෙනු පෙති විදහා
යළි නැවතත් පර නොවනා විලසින්
සුරකිමි ඔබ සැමදා

මලින් මලට යන අන් බඹරුන් ලෙස
නොයමිය කුසුමේ - මා ඔබ තනි කොට
වෙන මල් වෙත පියඹා

ලොව අන් සැම මල් පතනා විලසින්
දුටු අන් බඹරුන් වෙත රොන් නොපුදා
සිටිනෙමි ඔබව පතා

පෙම් ලොව අබිසෙස් ලද පෙම් කුමරිය
මා හද සනසා පිබිදෙනු මැන යළි
දසත සුවඳ පතුරා

මා හද විකසිත කළ පෙම් බඹරුනි
රැජිණිය වෙමි ඔබෙ - පෙම් ලොව තුළ යළි
මා දිවි තිබෙන තුරා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.