Lyrics
මී මැසි හඬ නැති නිසංසලේ
ගනදුරු තැනක් බලා
තනිවෙමු අපි ගන වනන්තරේ
සුදු මල් දෙකක් වෙලා
බොඳවී ගිය නිල් අහස් වලා
සයුරේ හබල් ගසා
තනිවෙමු අපි අතු පැලක් සදා
සඳ දූපතෙහි සදා
හිරිමල් තරු කැට එබී බලා
ලැජ්ජා වෙලා ගියා
දිව යමු අපි ගං ඉවුර දිගේ
නොපෙනෙන ලොවෙන් එහා