Lyrics
මේ සෙනෙහස සිතට හරි බරයි
දරා ඉන්නේ කෙහොමද මගෙ
සිත පුංචි වැඩියි //
වියලි විල් තෙරක සුපිපුන
කුසුමක් සේමැයි //
සිතට සිතා ගන්න බැරි තරමට
සෙනෙහස අරුමැයි
මේ සෙනෙහස ....
සසැලි නිල් දියෙක පාවෙන
තරුවක් සේමැයි //
නෙතට බලා ඉන්න බැරි තරමට
පාළුම සොඳුරුයි
මේ සෙනෙහස ....//