Lyrics
මන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ//
කතරගම ගියා තමයි මැණික් ගඟත් හිඳිලා
කිරිවෙහෙර් මළුව වටේ පහන් වැටම නිවිලා//
ඉකි බිඳ බිඳ මං හැඬුවලු මහ රෑ නින්දෙදි
නඩේ ඈයෝ විහිලු කළා වැඩිහිටි කන්දේදී//
ලොරි බාගේ මග හිටියා එනකොට රෑ ජාමේ
නිදි මැරුවා තැන් තැන් වල තිස්සමහාරාමේ//
මන්දනාව කාරණාව...