Lyrics
මං ආදර පෙම් ආදර බිංදුමතී
පෙමා වඩන ලද බිංදුමතී
කළු උක් ගස විලසා කළු - කළු නංගියේ
දර කඩලා ඉහ තියලා - කොහෙදෑ ගියේ
ගොම්මන් සමයටමා ගම - හොල්මන් තියේ
නුඹ එක්කා මම එන්නා - යමු නංගියේ
ළිඳ ළඟටා යන්න එපා - දියබරියා කයි
වැට ළඟටා යන්ට එපා - කබරගොයා කයි
ගඟ ළඟටා යන්න එපා - අභිමනා එයි
පිට ගමටා යන්ට එපා - මා මෙහි තනිවෙයි