මාලතී වසන්තේmaalathii wasanthee

Malathi Wasanthe

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
කුමාරදාස සපුතන්ත්‍රීkumaaradhaasa saputhanthrii

Lyrics

(මාලතී වසන්තේ
මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ
ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ)..//

(නෙතු දැහැනේ රැ‍ඳෙනා සිහිනේ
හද මැදුරේ බි‍ඳෙනා සුසුමේ)..//
ප්‍රේම ප්‍රාර්ථනා නේක වේදනා
(මා සොයා ඇදේවී)..//

මාලතී වසන්තේ ..../

(මුතු හසරැල් සැලෙනා දෑසේ
පිණි කඳුලැල් පුරවා රහසේ)..//
මේ පහන් රැයේ මා නෙතින් මිදී
(ඈ බලා හිඳීවී)..//

මාලතී වසන්තේ ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.