Lyrics
මාලතී මල් ලතා මැද හමුවූ මල් මාලතී ළදේ
ආදර නෙතඟින් බලා සිනාසෙනු මැන ටිකිරි මුවඟින්
සතුටු රේඛා දඟකාර කෝමළ මුවග රැදුනෝදෝ
මගේ පෙම් ලොව කිරුළු දරලා සැමදා ළගින් හිඳින්නකෝ
ආදර නෙත් කැළුම් රඟ දෙන නුවන් දිය දහරේ
සැළෙන ලොව දැක බියපත්ව යන මුවැත්තිය ඔබදෝ