මා සිත හඩනාmaa sitha hadanaa

Ma Sitha Hadana

Music:
රාජ් දෙරණ ජිraaj dherana ji
Lyrics:
ඔෂාන් ජයවර්ධනoshaan jayawardhhana

Lyrics

මා සිත හඩනා අයුරු බලා
සඳ තරු වැලපෙයි රෑ පුරා
ඔබ නෙත් ලඟ මා කීව කතා
සිහිවෙයි මතකය දෝරෙ ගලා
සොඳුරියෙ ඔබෙ සිත බොලඳ වෙලා
වෙනතක පැටලී මටත් හොරා
ඔබ පිරු පෙරුමන් රෑ දිවා
හදවත පාරයි වේදනා....

හසරැල් දෙන්නී පැතුමන් දෙන්නී මායවේ මා සතපන්නී
කඳුලැල් දෙන්නී සුසුමන් දෙන්නී මායවේ මා විඳවන්නී...

ඔබ මාගෙ ජීවේ සතුටයි කියා
මා හද කියන්නේ සෙනෙහස නිසා
ඔබ දුන්නු කඳුලැල් මේ වේදනා
ඔබ හට නොවේවා මතු දා සදා...

භවයෙන් භවේ හමුවී මෙසේ
මා සිත රිදවා සමුගන්න ඇතී
මතු සංසාරේ හමුනොමවේවා
රිදවා සමුගන්න ආයෙ මෙසේ...

මා ලඟ සැරිසරනා වාරේ
සඟවමි දුක කඳුලක් ගානේ
ඔබ හට වේවා සැනසුම් සුසුම්
ආයෙත් නෑ හදවත මානේ
සමුදෙමි මා මොහොතක් ගානේ
හදවත සුසුමන් බිඳ දා සදා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.