Lyrics
මා හැරදමා ඔබ ගියත් අද දිනේ
නෑ තරහ කිසිදිනක මාගේහිතේ
සතුටින්න ඔබ ඉන්න මේලෝකයේ
සිත කොහොම කීවත් දුක මා ගෙනේ
තැනූ සිහින මාලිගා කැඩී බිම වැටී ගියා
කෙරූ පවක්දෝ මේක මං පෙර බවේ
මහදේ තිබූ සෙනෙහේ මදිවීලදෝ
වෙනකෙකුගෙ වූවේ ඔබ සතුටිං මදෝ
මගෙ දෙනෙත නිදි නැතිව රෑ තුංයමේ
විමසන්නෙ ඔබගැනම පමනයි ලඳේ
තැනූ සිහින මාලිගා කැඩී බිමවැටී ගියා
කෙරූ පවක්දෝ මේක මං පෙර බවේ
තැනූ සිහින මාලිගා කැඩී බිම වැටී ගියා
මැවූ සිහින අඳුරේම බොඳවී ගියා