ලස්සන ලස්සන මගෙ ආදරීයේlassana lassana mage aadhariiyee

Lassana Lassana Mage Adariye

Lyrics

ලස්සන ලස්සන මගෙ ආදරීයේ
හෝ හෝ
මෙච්චර ලස්සන 
ඔය කොහෙද සිටියේ //
ඔය මගෙ ආදරීයේ 
ඔය මගෙ ආදරීයේ 
මුදු අවිහිංසකාවී
මගෙ මනලෝල දේවී
ආදරීයේ ....
ආදරීයේ වැයූ මේ පෙම් ගී වැල් 

නිල්මිණි  දිලිසෙන උන්මාදිනියේ
හෝ හෝ 
හදවත සනසන පුණ්‍යාංගනීයේ //
බෝසේ කැළුමන් බෙදා දී
ඔබෙ දෙනුවන් සිනාසී
රූබරීයේ ....
රූබරීයේ කෝ ඔබ රූ පෑ විස්කම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.