කුරුල්ලනේ පැණි කුරුල්ලනේkurullanee paeni kurullanee

Kurullane Pani Kurullane

Lyrics

කුරුල්ලනේ පැණි කුරුල්ලනේ 
පාට පාට පැණි කුරුල්ලනේ
මටත් ඔබ වගේ ඉගිල්ලිලා
යන්නට ආසයි කුරුල්ලනේ//
කුරුල්ලනේ පැණි කුරුල්ලනේ...

රුවන් තාරකා මැදින් පියාඹා
සඳුන් සමීරේ පාවීලා//
සුරංගනාවන් දකින්න යන්නම්
සඳෙන් එහා දිලෙන ලෝකේ...

කුරුල්ලනේ පැණි කුරුල්ලනේ...

නැවුම් පැතුම් පිරි හැඟුම් මවාලා
කොහෙන්ද ආරාධනා ගලයි//
සිතුම් සැඳැල්ලේ බිගුන් කියන්නේ
ඒ රහසද මාගේ සුහදේ...

කුරුල්ලනේ පැණි කුරුල්ලනේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.