ක‍න්න දෙනව නංkanna dhenawa nan

Kanna Denawa Nam

Lyrics

ක‍න්න දෙනව නං අපිට
බොන්න දෙනව නං අපිට
මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ//
මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ...

කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ//
කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
අ‍පේ‍ ක‍ටේ‍ ලෝ‍දි‍ය‍ ටි‍ක‍ වැ‍ටෙ‍න‍ව‍නාං...

කන්න දෙනව නං...

සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන්
සදාචාරෙ මකබෑවී ගියාදේන්//
සංස්කෘ‍ති‍ය‍ වල පල්ලට ගියාදේන්
අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං...//

කන්න දෙනව නං...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.