Lyrics
කල්පයක් කල් කඳුළු විඳ විඳ
ඇස් හතර මැද තනිවෙලා
දුක් විඳින්නද පෙම් කළේ අප
මල් දෙකක් වී ළංවෙලා ...//
කප්පරයක් බර හීන දැක දැක
එක රැයක දෙතැනට වෙලා
හූල්ලන්නද පෙම් කළේ අප
තරු දෙකක් වී වෙන්වෙලා
කල්පයක් කල් .../
සඳ මලින් බට සීත පිණි කැට
ඇස් දෙකෙළවර තනිවෙලා
ඉකිබිඳින්නද පෙම් කළේ අප
රන් හුයෙක දෑඟිලි තබා
කල්පයක් කල් .../