Lyrics
ඉසුරුමුණියෙහි පැතලි ගලක හිඳ
ආලය ලීලය පෑ
විස්මිත ගල් වඩුවානෙනි ඔබ හට
අප ණය ගැති නොවේදෝ
තුරුලට ලංවී පෙම් රස උරණා
රසයේ රස උල්පා
පෙමට කැපවුන පෙම් යුවලකි ඒ
සීගිරි රජු සවසේ
ඉසුරුමුණියෙහි....
පිවිතුරු සුකුමල පෙම්බරියගෙ ඒ
සිහිලස ලයට වැදී
ආලය වේ යැයි පැවසෙන ගීයයි
ඔබ වෙනුවෙන් ගිලිහේ
ඉසුරුමුණියෙහි....