හීන් සැරේ නුඹ ඇවිදින්hiin saeree numba aewidhin

Heen Sare Nuba Awidin

Music:
උදාර සමරවීරudhaara samarawiira
Lyrics:
නිසංග මායාදුන්නේnisanga maayaadhunnee

Lyrics

පුන්සඳ පසු පස මුවා වෙලා 
රෑ අහසේ මුළු ලොවට හොරා 
මගෙ හද මඩලට එළිය අරන් 
හීන් සැරේ නුඹ ඇවිදින් 
හීන් සැරේ නුඹ ඇවිදින්..... 

තරු ගොමු වැල් වල වැතිරීලා 
සීතල සුළගේ දිගා වෙලා 
මගෙ හද අරණට සුවඳ දෙමින් 
හීන් සැරේ නුඹ ඇවිදින් 
මටත් හොරා නුඹ ඇවිදින්..... 

පුන්සඳ පසු පස මුවා...... 

සැඩ ගං ඉවුරෙන් එගොඩ වෙලා
තහංචි වැටකොටු පන්නාලා 
මගෙ හද මැදුරේ දොරටු ඇරන් 
හීන් සැරේ නුඹ ඇවිදින් 
මටත් හොරා නුඹ ඇවිදින්.....

පුන්සඳ පසු පස මුවා...... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.