Lyrics
ගින්නක් විලසින් මා සිරසේ දැල්වෙනා ආත්මයාණනි
දල්වා හදේ ගිනි අවුලවා වඩිනු මැන ශුද්ධාත්මෙනි...//
මායා මුසාවන්ට මෙහෙකම් කළ අන්ධකාරයේ වී මුලා//
සිරුරෙන් ඔබේ හද දල්වලා ආලෝකයෙන් නෙතු දල්වලා
ගින්නක් විලසින්...
ව්‍යාජත්වයේ පවිටු සේයා බලා නිසි දැක්ම ගිලිහී යාදෝ පලා//
සිළුවෙන් ඔබේ නෙතු දල්වලා සෙවණේ ඔබේ රඳවා තබා
ගින්නක් විලසින්...