ගෙවා අඳුරු යුගකල්gewaa anduru yugakal

Gewa Anduru Yugakal

Lyrics

ගෙවා අඳුරු යුගකල් පායා එන නුබ ගැබ නිල්
පහන් තරව බලනු මැනව සංහිඳියාවේ
ඒ එළියෙන් මඟ විමසා යමු සකි සඳුනේ //

ගස තිබුනා මෙතුවක් කල් එයට උරුම කීවා මිස 
මල් ඵල ලබනා සැටියෙක් කවුරුද සිතුවේ‍
මෝදු වෙලා කැකුළ ඉතින් රකිමු යාලුවේ

ගෙවා අඳුරු.......

සිව් රියවට වැඩිය යමක් පොළවෙන් කවුරුද ලැබුවේ
උරුමය රකිනා යුද්දෙන් කවුරුද දිනුවේ
විජිතය නොව ජීවිතයම නොවෙද වටින්නේ

ගෙවා අඳුරු.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.