ගී පොතයි මීවිතයිgii pothayi miiwithayi

Gee Pothayi Meewithayi

Music:
අමරදේව W Damaradheewa w d
Lyrics:
මහගමසේකරmahagamaseekara

Lyrics

ගී පොතයි මීවිතයි -  ඒ දෙකම මට එපා
යුග නයන ගී පොතයි -  රස ලවන  මි විතයි
මා පතන ගී පොතයි - මී විතයි - ඔබ සතුයි

අවන් හල නැති සුරා - ලවන් විත විත පුරා
වහස් බැල්මෙන් නුරා - රහස් ගී කිය කියා

මගේ හදවත එයින් - සදා කල් මත් කරයි
කිසිම ගීයක් නෙවේ - ඒ තරම් රස නොවේ.

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.