Lyrics
එපා වෙන්නට පෙර ඔබට
මට අවසරයි නික්ම යන්න
ලියු දහසක් කවි වලින් මට
එකම කවියක්වත් දෙන්න //
නිදා නොනිදා පහන් කල රෑ
කෙතරම්ද මේ අහස යට //
කියා ගන්නට බැරිව හිටි දුක්
දන් නොකවුරුද ඔබම මිස
එපා වෙන්නට ....
මලානික වූ මලක් ආයෙත්
පිපේවිද කොයි කවර ලෙස //
පිපේනම් ඒ ඔබටමයි
කාට අයිතිද ඔබට මිස
එපා වෙන්නට ....