Lyrics
දුක නෙතේ පුරවලා
ඉන්නේ නම් සතුටින් ඔයා මේ වගේ
තවෙකුටත් වේදනා දෙන් එපා
අප හමු වනු නෑ, ඔබ මට හිමි නෑ
මතු සසරේ පුරා... හෝ පතනෙමි ඔබ මා
හුස්මක් පාසා.
මතකේ පුරා ඔබම තමා
සිහි වෙන්නේ මට සෑම දා
උරුම කලා කඳුළු ඔයා ඉරණම අපේ මෙය කියා
ඔබ ඉන්න පෙරටත් වඩා
යහතින්ම දිවියේ සදා
මන් විදිනා දුක කිසිදා විද වන්න ඔබ නම් එපා
දුක නෙතේ පුරවලා ... /
කීව මුසා යන්න දමා
මා වැරදි කරුවා කියා, දිනක ඔයා
පිළිගෙන මා, එනකල්ම ඉන්නවා බලා
ඔබ ඉන්න පෙරටත් වඩා
යහතින්ම දිවියේ සදා
මන් විදිනා දුක කිසිදා
විදවන්න ඔබ නම් එපා...
දුක නෙතේ පුරවලා ... /