දෙතොල නොකී දේ මුහුනේ ලියැවෙනවාdhethola nokii dhee muhunee liyaewenawaa

Dethola Nokee Dey Muhune Liyawenawa

Lyrics

දෙතොල නොකී දේ දෙනෙතේ කියැවෙනවා
වසන් කරන සිත මුහුනේ ලියැවෙනවා
නංගිගෙ පාමුල ඉර හඳ තියලා
ආදර හිත ළඟ කවුරුද මුවා වුනේ

හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ
පුංචි හිතේ පොඩි මධුමල් පිපිලාදෝ //
ගෙදර බුදුන් මුව උදානයක් වූ
නංගිගෙ හිත ළඟ කවුරුද මුවා වුනේ

දෙතොල නොකී දේ ....

බාල බොළඳියේ ඉස්සර හුරතල් වූ
කවට සිනා කෙළි සඟවා තැබුවාදෝ //
වසන්තයට පෙර කැකුලට ළං වී
නංගිගෙ හිත ළඟ කවුරුද මුවා වුනේ

දෙතොල නොකී දේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.