දෙහි මලක් ව‍ගේ හැ‍‍ඟේ ඔබත්dhehi malak wagee haengee obath

Dehi Malak Wage Hage Obath

Lyrics

‍දෙහි මලක් ව‍ගේ හැ‍‍ඟේ ඔබත්
සිප ගත්තම සුවඳ නොදැ‍නෙනා
දෙහි මලක් ව‍ගේ දැ‍නේ ඔබත්
දුර උන්නම සුවඳ ‍ගෙන එනා //

දුක ‍දෙකට ‍බෙදා එකට විඳිමු කියා ලංවුනා
ඔබ දුරක ගියා ම‍ගේ සතුට අරන් ‍වෙන්වුනා
දුර යන්න යන්න ඔ‍බේ සුවඳ තවත් ලංවුනා
දුර යන්න යන්න ඔ‍බේ සුවඳ තවත් ලංවුනා

‍දෙහි මලක් ව‍ගේ ....

ඔබ ‍වෙන්ව ගියත් ම‍ගේ වරද කියා රිදවලා
මට අහන් ඉන්න ‍නොහැක තවත් කරන ‍චෝදනා
ඔබ දුරින් ඉන්න ඔ‍බේ සුවඳ විඳිමි තනි‍වෙලා
ඔබ දුරින් ඉන්න ඔ‍බේ සුවඳ විඳිමි තනි‍වෙලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.