Lyrics
(දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා...//)
(ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝසේ...//)
(රහතුන් නිවසනා පායා ප්‍රකාශේ...//)
(භූලෝ මත්තේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ...//)
(ඉර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ...//)
(සෙවනැල්ලෙනි හිරු රශ්මිය භංගේ...//)
(මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුණු වල බෝ ජල පෑදී...//)
(සේරූ පන්තී පන්තී පීනති බෝසේ...//)
(අනුරාධ නගරය දැන් පෙනෙ ඔස්සේ...//)