දැක්කොත් පද්මාවතීdhaekkoth padhmaawathii

Dakkoth Padmavathi

Lyrics:
ජෝන් ද සිල්වාjeaan dha silwaa

Lyrics

ආලේ නොකරා බැරී...
දැක්කොත් පද්මාවතී
ආලේ නොකරා බැරී//
ලලාටේ චන්ද්‍රයා සේ පෙනේ...
දැක්කොත් පද්මාවතී
ආලේ නොකරා බැරී//

මේඝ සේ කේශා වේ
ඇගේ ග්‍රීව ශක් සේ වේ
අහෝ ඈගේ ග්‍රීව ශක් සේ වේ//
ළමැද හංසයින් සේ පෙනේ...

ආලේ නොකරා බැරී...
දැක්කොත් පද්මාවතී
ආලේ නොකරා බැරී//

මුක්තා සේ දන්තා වේ
ඇගේ වර්ණ ස්වර්ණා වේ//
අහෝ ඈගේ වර්ණ ස්වර්ණා වේ//
ළමැද හංසයින් සේ පෙනේ...

ආලේ නොකරා බැරී...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.