Lyrics
බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා
අවසන් වරට මගේ
ඇස් පියවෙන මොහොතේ
බුදු හිමි රුව මට මැවී පෙනේවා
පව් සිදුවෙන්නැති නොදැනීම
එනිසයි සසරේ ඉපදීම
බුදු දම් මහිමෙන් පැහැදීම
පමණයි සදහට සැනසීම
සැප සොයලා ගොස් දුක විඳම
සඵල වුණේ නෑ පැතූ සැම
අවසන් මොහොතේ ඉතිරි වුණ
කළ හොඳ නොහොඳයි මට උරුම