අයියණ්ඩියේayiyandiyee

Ayiyandiye

Lyrics

අයියණ්ඩියේ පොඩි දා සිට අප දෙන්නා
එක වහළක් යට වැලි කෙළමින් උන්නා
එක කුස උන් සුවඳින් සෙනෙහස වැඩුණා
කිරි එරුණා සේ නුඹ මා වෙත බැඳුණා

නුඹ පසු බැස්සේ මට ජය ගෙන දෙන්නයි
දර දිය ඇද්දේ මට බත සපයන්නයි
කුසගිනි  දැරුවෙ මා කුස පුරවන්නයි
වැරහැලි ඇන්දෙ මට පිරුවට දෙන්නයි

සොයුරන් ඇත ලොව මව්වරු පියවරු වන්
දුක සැප හමුවේ බිතු සිතුවම් රූ මෙන්
පෙම් කවි ගොතනා කිව්වරුනේ සුපසන්
සෙහොයුරු පෙම ගැන තව කවි ගී ලියපන්
 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.