ඇය කොණ්ඩේ දිගට දාලාaeya kondee dhigata dhaalaa

Aya Konde Digata Dala

Music:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
Lyrics:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana

Lyrics

ඇය කොණ්ඩේ දිගට දාලා හැම උදේම එනවා 
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා 
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ 
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ...

අපේ පංතියේ ළමයි එක්ක ඈ හරි යාළුයි 
ඈ පාසැල් නාව දාට පංතිය පාළුයි 
ගමරාළගේ කතාවටයි අපි හරි ආසා 
කවදාවත් පංතියේ නෑ කරන්නේ ඝෝෂා...

සිනා ගෙනෙන කතා තමයි ඈ පවසන්නේ 
ආදරයෙන් සැමදා අප හට සලකන්නේ 
ඇය අසලම ගැවසෙන්නට අපි හරි ආසයි 
මේ පංතිය දමා යන්න අපි හරි ලෝභයි...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.