Lyrics
අපි අපේ වී ඉපදෙමුද ආයෙත්
ලබා සරදම් ජීවිතෙන්
වෙන්වී නොයන්නට ආදරෙන්
අපි අපේ වී ඉපදෙමුද ආයෙත්
ලබා සරදම් ජීවිතෙන්
වෙන්වී නොයන්නට ආදරෙන් //
අපි අපේ වී ඉපදෙමුද ආයෙත්
ආදරේ මල් සුවඳ අපමණ
දැනෙනමුත් ජීවිතය වටකර
ලංවෙලා විඳගන්න මට බැරිනම්
කුමටද ඒ ආදරෙන්
අපි අපේ වී ....
සොඳුරුයි කළුවර නැගී අහසට
ආදරේ මුදු එළිය විසි කර
මට ඔබව හමුවන්න ඉඩ දුන්නත්
කුමටද හිමි නොවේ නම්
අපි අපේ වී ....