අම්මා (බිංදු බිංදු වැහි වැටුණා)ammaa (bindhu bindhu waehi waetunaa)

Amma (Bindu Bindu Wahi Watuna)

Music:
ගයාන් මංජුල පෙරේරාgayaan manjula pereeraa
Lyrics:
ගයාමන් දිසානායකgayaaman dhisaanaayaka

Lyrics

බිංදු බිංදු වැහි වැටුණා
නිසරු බිමේ සුදු මල් පිපුණා
ඒ සුවඳ ගලා - ලොව සුවඳ වෙලා
පිණි වැස්ස ඔබයි අම්මේ

අඳුර ඉරා රන් රැස් දහරා
හිමිදිරියේ හිරු කිරණ එලා
ඒ එලිය ගලා - ලොව එළිය වෙලා
හිරු මඩල ඔබයි අම්මේ

සිසිල සලා රළු දෙරණ පුරා
සඳ වතුරින් තුරු ලිය නහවා
ඒ සිසිල ගලා - ලොව සිසිල සදා
සඳ මඩල ඔබයි අම්මේ

බිංදු බිංදු වැහි වැටුණා
නිසරු බිමේ සුදු මල් පිපුණා
ඒ සුවඳ ගලා - ලොව සුවඳ වෙලා
පිණි වැස්ස ඔබයි අම්මේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.