Lyrics
අකුරෙන් අකුරට උගනිමු හෝඩිය
දෑස් ළඟම මල් පීදේ//
හෝඩිය ඒ මල් යායයි...//
අකුරෙන් අකුරට උගනිමු හෝඩිය
දෑස් ළඟම මල් පීදේ//
හෝඩිය ඒ මල් යායයි...//
අනුරපුරේ සීගිරියේ// ලස්සන දැක ගී කියලා
අකුරට යන පාර දිගේ අපි දැක්කේ ලංකාවයි
අකුරු දිගේ දුර ගමන් යමු
සිංහල රටට යමු...//
මව් තුරුලේ කිරි සුවඳේ// උණුසුම විඳ අකුරු කියා
හෝඩි පොතේ අකුරු වලින් අපි කිව්වේ අපේ ගැනයි
අකුරු දිගේ දුර ගමන් යමු
සිංහල රටට යමු...//
අකුරෙන් අකුරට...