අහම්බෙන් විත් දැවටිලාahamben with dhaewatilaa

Ahamben With Dhawatila

Music:
ප්‍රවීන් නිපුන්prawiin nipun
Lyrics:
නිරෝශිනී රණසිංහnirooshinii ranasinha

Lyrics

අහම්බෙන් විත් මා ළඟ දැවටිලා
සරාගී නෙතු සලා එදා
පැවසුවා රහසක් හොරෙන්
මට ආදරෙයි කියලා

හෙමි හෙමින් හදවත පුරා
ගැයෙනවා පෙම් ගායනා
මේ තරම්ම නෑ කාටවත්
මං ආදරේ කරලා        

සෙනෙහසේ සුව මෙදා මා වෙත ගෙනා 
ඔබේ දඟකාර ආදරේ 
මට සිහිනයක් වෙන්නෙපා 
ආදරියේ සිහිනයක් වෙන්නෙපා

සැරිසරා නිල් නෙතු  පුරා 
පැවසුවා කෝලම් කතා 
ඈ නිසා මගේ සිතත් මටත් හොරෙන් 
මට අකීකරු වෙලා 

වෑහෙනා මල් හිනා 
ලා දෙතොල් මත අස සලා 
ඔබ මගේ පෙම් කුමරියයි 
මා පෙම් රජ දහනේ සදා 

සෙනෙහසේ සුව මෙදා....//
(ආදරියේ සිහිනයක් වෙන්නෙපා...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.