Lyrics
ආදරයේ වේදනාව
හදට දැනුනු යම් මොහොතක
හුදකලාව නොතැවී යලි
එන්න මා සොයා
දේදුනු පැහැයෙන් දිදුලන
ආදර විජිතය හැරදා
රැගෙන පලා ගිය මොහොතක
නොතැවී යලි ඈ සිහිකර
එන්න මා සොයා
ජීවිතයට මිහිර ලතැවුල
ඔබ තුරුලට ලංවූදා
නොතැවී හිද තනියහනේ
මතක සුලං රොදක එතී
එන්න මා සොයා