ඈත දවසක ගියත් යන්නටaetha dhawasaka giyath yannata

Aatha Dawasaka Giyath

Lyrics

ඈත දවසක ගියත් යන්නට
සමු අරන්
දෑස හඩනවා ඔබ දකින්නට
නැති සොවින්
හින සිතුවිලි තාම හිත ඇත
ඔබ නමින්
මාව මතකම නැද්ද බිදුවක්
වත් ඉතින්

ඔයා ගියදා තරැත් නිවුනා
සදත් අහසට වී දුකින්
හිතත් සසලයි රැයම නිසලයි
අපි අපේ හිත් හඩවමින්
මටත් පුදුමයි ඔ⁣බමදැයි මේ
යලිත් ඔබ එන්නැ ඉතිං
පෙමත් අරගෙන මටත් නොකියම
ඔබ මගෙන් දුරකට ගිහින්

ඈත දවසක.......

කියා ගන්නට බැරිව ලතවෙන
මගෙ අහිංසක හිත හොරින්
සුසුම් හෙලනව හඩා වැටෙනවා
මතකයේ දොරගලු ඇරන්
රොස නිල්ලෙක දැවටිලා අපි 
ඇන්ද පෙම් සිතුවම් මතින්
සිනා සෙන්නට හැකිද දවසක
ආයෙමත් හමු වී ඉතිං

ඈත දවසක......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.