යුද්දෙටත් ඇවිත්yudhdhetath aewith

Yuddetath Awith

සංගීතය:
සහන් රන්වලsahan ranwala
පද රචනය:
සුනිල් සරත් පෙරේරාsunil sarath pereeraa

ගී පද

(යුද්දෙටත් ඇවිත් පෘතුගීසි ලන්දෙසින් සමග 
ඉංග්‍රිසි සිංහලේ බලේ අල්ලන්ට සටන් කලේ...//)  
කෘර වූ බලය හමුවෙයි චෝලයින් පවා පැරදූ 
මේ තමයි අපේ ඉතිහාසෙක කතන්දරේ 

කොන්ද නොනැමුවත් ජාතිය දොන් ජුවන් වගේ රූකඩ
අත්තලයි කලින් කල මේ රට යටත් කලේ 
රට යටත් කලේ
නිද්දගම් ඉඩම් පුද කර නම්බු නාමයෙන් තුට කර  
(ගැත්තෝ බෝ කරන් සුද්දන් රට යටත් කලේ...//)  

යුද්දෙටත් ඇවිත් පෘතුගීසි ලන්දෙසින් සමග 
ඉංග්‍රිසි සිංහලේ බලේ අල්ලන්ට සටන් කලේ
කෘර වූ බලය හමුවෙයි චෝලයින් පවා පැරදූ 
මේ තමයි අපේ ඉතිහාසෙක කතන්දරේ 

සිංහලෙන් උගත් දොයිලිගේ කූට වූ උපා නොමදැන 
ගිවිසුමක් එදා උඩරට අත්සනුත් කලේ 
අත්සනුත් කලේ
අන්තරාෂියක් ආවද දේශයේ උතුම් නිදහස 
(දන්තදා සමිඳු රැකදෙයි රත්තරං පුතේ...//) 

යුද්දෙටත් ඇවිත් පෘතුගීසි ලන්දෙසින් සමග 
ඉංග්‍රිසි සිංහලේ බලේ අල්ලන්ට සටන් කලේ
කෘර වූ බලය හමුවෙයි චෝලයින් පවා පැරදූ 
මේ තමයි අපේ ඉතිහාසෙක කතන්දරේ