ගී පද
යුධ බිම මැද්දේ රණවිරුවෝ ඇත
රට රැක ගන්නට සටන් වැදී
කෙළිබිම ඉන්නේ රට වෙනුවෙන්මයි
ක්‍රිකට් වීරයෝ තරඟ වැදී...//
මේ කොයි කව්රුත් මව්බිම නාමෙන්
කරනා සේවය රටක් වටී...
දහවලේද රෑ රණවිරු සේනා
මව්බිම අපගේ රැක දේවි//
මව්බිම නාමේ මේ මුළු ලෝකේ
ක්‍රිකට් වීරයෝ පතුරාවී...
යුධ බිම මැද්දේ...
කාගේත් සේවේ එක ලෙස පුදති
වෙනසක් නෑ මහ ජනයාගේ//
කව්රුත් එක වී මව්බිම වෙනුවෙන්
මිතුරනි වෙහෙසෙමු හැම කාලේ...
යුධ බිම මැද්දේ...