යා යුතු මග නොදැනyaa yuthu maga nodhaena

Yayuthu Maga Nodana

ගී පද

යා යුතු මග නොදැන  අතරමග
ජීවිතේ නැවතිලා
මගේම යැයි වූ දහසක් දේ අද
මවෙතම එරෙහි වෙලා
කියාගන්න බැරි හැඟුමන් ගොළු වී
සිතෙහි ඉතිරිවෙලා
මගේම යැයි වූ දහසක් දේ අද
මවෙතම එරෙහි වෙලා

ඔබේ නමින් මා සිතෙහි උපන් පෙම
අද මා රිදවනවා
එනමුදු ඔබ ගැන අහිතක් සිතනට
සිත නම් මැලි වෙනවා

නිවා සුසුම් වැල් පෙරදා තනියට
ඔබ මා ළඟ උන්නා
එලෙසින් සැමදා වෙසෙනට සෙවණක
පිං කර නැහැ දෙන්නා