ගී පද

යෞවනේ උයනනේ පියුම් තටාකේ 
බිඟු වැල් පෑහේ මා ඔබ පාහේ...//
අත් හැර ඉගිලෙමු පෙම් ලොව පෙම් සිත් හඬවලා
මින් පසු අපි යමු රටකට පෙම් හඳ පායනා...//

ඉරෙන්... සඳෙන්... ගමන් මන් අසා 
සිතුම්... පැතුම්... වලින් සිටු වසා 
දේ.....වාසනා..... දේ........වාසනා.....
රනින් රන් මලින් පිදු ආදරේ 
රජුන් රජ අසුන් පිදු ආදරේ...

යෞවනේ උයනනේ.../

අවුල් තැවුල් මැදින් දිව එමි 
අලුත් හැඟුම් තුලින් පිලි ගනී 
දේ.....වාසනා...... දේ........වාසනා.....
රනින් රන් මලින් පිදු ආදරේ 
රජුන් රජ අසුන් පිදු ආදරේ...

යෞවනේ උයනනේ.../