යාවි ඈ දමාyaawi ae dhamaa

Yawi Ae Dama

සංගීතය:
නිරාන් විජේසේනniraan wijeeseena
පද රචනය:
යශෝධා අධිකාරිyashoodhhaa adhhikaari

ගී පද

ආලේ කියා නුරාගි නෙත් අයා
මුලා කළා ළයේ හැඟුම් පෙළා
දැවේ මා රෑ දිවා
සිතේ තියාලා...
දැනේද වේදනා...මා...හිඳී බලා..

ඈගේ සිනාවේ මිලාන හීන මා වශී කළා
දෑසේ කතාවේ වගේ නොවේලු හර්ද කල්පනා
ඈ මා වශී කළා...
ඇගේ සිනා...
නෙතේ නොවේලු හර්ද කල්පනා
ඈ යාවි මා දවා...

මා හා එදා කියූ කතා
මුසා වෙලා මුළා වුනා 
දවා තියා යාවි ඈ දමා
 
කාලේ ගියාවේ නිවේවි මේඝ මාරුතේ පවා
මාගේ විරාගේ සොයාවි ආයෙ ප්‍රේම චේතනා
නිවේවි වේදනා... මා... හිඳී බලා
දැනේවි ආයෙ ප්‍රේම චේතනා
මා යාවි ඈ දමා..
ආදරේ සොයා...