යාත්‍රිකයාyaathrikayaa

Yathrikaya

සංගීතය:
පවන් ද සිල්වාpawan dha silwaa
පද රචනය:
කණිෂ්ක මදනායකkanishka madhanaayaka

ගී පද

ඈත ඉම නොපෙනෙන මානේ
නැගී හිනැහෙන අහිමි අරුණළු
සරඳම් කරමින් සැඟව ගියේ
සරතැස නන්වා
බිඳුණු ලයේ....

බිඳුණු ලයේ බිඳුණු ලයේ.....

සොඳුරු අතීතේ නටබුන් අතරේ
අහිමි පෙමක හිමි
දැවී අලුවී සිඳුනු මතකය....

සොයා යන්නට වෙර දරන්නේ
සරන යුග මත නොවන අවනත
තනිව මංපෙත සැරිසරන්නේ
හදවතෙ සැඟවුණු.....

යාත්‍රිකයා...යාත්‍රිකයා...

ගැඹුරු අගාධෙ නොසිඳෙන කඳුලේ
තවම සුසුම් ලන එලිය දුන් ඒ නුරා දෙනෙතේ
සොයා යන්නට වෙර දරන්නේ
හැඟුම් හදවත තුලම සිරකර
තනිව ඝන අඳුරේ යදින්නේ
හදවතේ සැඟවුණු......

‍යාත්‍රිකයා...යාත්‍රිකයා...
‍යාත්‍රිකයා...යාත්‍රිකයා...