ගී පද

යසෝදරා ‍… යසෝදරා ‍…
හිතේ නැගුනු කලකිරීම කුමරිය ‍…
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට ‍…
යසෝදරා ‍… යසෝදරා ‍…

එයින් මිදෙන මං පෙත සොයනා සඳ ‍…
ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර ‍…
සමාධියෙන් සිත ඈත දිවෙන විට ‍…
පමා නොවී යලි ඇවිදින් මේ දෙස ‍…

එයින් මිදෙන මං පෙත සොයනා සඳ ‍…
ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර ‍…
දයා සිතින් එක බැල්මක් දී නෙත ‍…
කෙමෙන් මැකී යයි යසෝදරා වත ‍…