ගී පද
යන්නෙපා මා දමා හීනෙකින්වත් ඔයා
ඉන්න බෑ නැතිව නම් මට ඔයා රත්තරන්
නෙතු මා පියවෙලා නික්මෙනා තුරු ලොවින්
හිඳිමි ළඟ වැටි සත්තයි ආදරෙන්
යන්නෙපා මා දමා හීනෙකින්වත් ඔයා
ඉන්න බෑ නැතිව නම් මට ඔයා රත්තරන්......
පසුකරන් ඇවිල්ලා මා දහසකුත් නෙත් ලොවේ
හිමි වුණේ ඔයාව නම් දෛවයෙන්මයි අනේ
රකිමි පණ මෙන් නුඹගේ සෙනෙහේ
කඳුලක් දෙන්නෑ කිසිදා කුමරෝ......
හීන තිබුනේ නෑ මගේ හමුවෙන තුරු ඔයා
හුස්ම පොද පවා මගේ දැන් ඔයාගේම වෙලා
රකිමි පණ මෙන් නුඹගේ සෙනෙහේ
කඳුලක් දෙන්නෑ කිසිදා කුමරෝ......
යන්නෙපා මා දමා.....