යන්නම් මඟහැරලා තනිවෙන්න ඉඩදෙන්න ඕනාyannam mangahaeralaa thaniwenna idadhenna oonaa

Yannam Magaharala Thaniwenna

ගී පද

යන්නම් මඟහැරලා
තනිවෙන්න ඉඩදෙන්න ඕනා
යළි බෑ එන්න හීනෙන් පවා
අතින්වත් අත නොඅල්ලා
අපි කෝම බැඳුනාද මන්දා
අත අරින්නේම නෑ ඒනිසා
රිදි රිදී සනහනා ආදරේ
මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...//

ළග ඉන්නවා කියා
දුර යන්න ඔබ ගියා
සඳ එළිය දෝ ආදරේ
මගෙ හීන රැවටිලා
ඇගෙ හීන එළවෙලා
යළි මල් පිපේවා ජීවිතේ
රිදි රිදී සනහනා ආදරේ
මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...//

සංසාර ආදරේ රහසේම මියැදුණා
ඔබ මාව සිපගත් ඒ වෙලේ
අවසන් කවත් ලියා
සුසුමන් අරන් ගියා
රිදි රිදී සනහනා ආදරේ
මැරි මැරී ඉපදෙනා ජීවිතේ ...//


පද - අභිෂේකා විමලවීර
තනුව - දිලුම් තේජන හෙට්ටිආරච්චි