යන්න යනවදyanna yanawadha

Yanna Yanawada

සංගීතය:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
පද රචනය:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

ගී පද

අවසානයක් නැති වෙලාවේ 
අනවසරයෙන් ගත් විරාමේ 
යන්න යනවාද මගේ සටහන් 
එකක්වත් ගැන නොවිමසවා 
තේමාව ජීවිත කතාවේ 
මට ඔයා බව දන්නවානේ 
ඔබට ආසද රිදෙන කොට මට 
අළුත් පෙම් වාසය නිසා 

(යන්න යනවද අර කාලේ මතකද 
ඉන්න බැරි තැන 
ඔබ මාව හමුවුන...//)   

පරිච්චේදය ඉවර කෙරුවට 
පොතේ පිටු තව තියෙනවා 
සැබෑ අවසානය කියෙව්වාම 
(ඔයත් මං වාගේ හඬනවා...//) 

යන්න යනවාද අර කාලේ....

වැහි බිඳක් වත් නොමැති කතරෙත් 
පතොක් මල් නම් පිපෙනවා 
කිලෝ ගානට දුක් විඳපු හිත 
(තාම ඔබ ගැන හොයනවා...//) 

අවසානයක් නැති වෙලාවේ.... 
යන්න යනවාද අර කාලේ....//