යන්න වෙන් වීලාyanna wen wiilaa

Yanna Wen Wila

සංගීතය:
ෂයන් ප්‍රනාන්දුshayan pranaandhu
පද රචනය:
නිලූකා වීරසිංහniluukaa wiirasinha

ගී පද

යන්න වෙන් වීලා මාව අතහැරලා නොකර බොරු චෝදනා
ඉන්නේ කලකිරිලා ඔයා ගැන හිතලා තවම නෑ කඳුළු බිඳු නැවතිලා
පාළුවේ උන්නු හිතට ඇවිදින් මට මා පවා නැති කරලා
උන්නේ සතුටින් කොහොමදෝ තව හදවතක් ළඟ නැවතිලා.......

මාව මග හැරලා යන්නේ සැරසීලා ජීවිතේ මගේමයි කියා
හිතට ගිනි තියලා වැරදි ගොඩගසලා හේතු සෙව්වා හැමදා ඔයා
නුදුරු දිනයක වෙන් වුණොත් ඔබ ආදරේ මගේ මදි කියලා
කසාවත ළඟ නතර වෙන්නම් ආදරේටම හිත තියලා.....

චිතකයක් වාගේ ඇවිලෙනා මනසේ සැනසුමන් අවුරා දමා
ලෝකයක් මාගේ වැරදි මුමුණාවි ඔබේ වදනට රවටිලා‍
බිඳුණු බඳුනක නෑ පලක් තව ආදරේ කඳුළු පුරවාලා
දිනෙක ඇවිදින් සමා අයදියි ජීවිතෙන් ඔබ පැරදිලා......

යන්න වෙන් වීලා....