යන්න දෙන්න මට ඈතටyanna dhenna mata aethata

Yanna Denna Mata Ethata

සංගීතය:
පසන් තිලකවර්ධනpasan thilakawardhhana
පද රචනය:
නිසංග මායාදුන්නේnisanga maayaadhunnee

ගී පද

යන්න දෙන්න මට ඈතට ඈතට
එන්න එපා නුඹ මෑතට මෑතට
නුඹ ඇවිදින් කළඹපු හිත 
හදාගත්තේ හරි අමාරුවෙන්
මං හදාගත්තේ හරි අමාරුවෙන්.......

මා අභියස කැරකී....//
සිතුවිලි වල පැටලී පැටලී
බලාපොරොත්තුවේ මල් පුබුදා
යන්න ඕනේ නම් නෑවිත් ඉන්න 
ඇයි බැරි... ඇයි බැරි......

රැල්ල ඇවිත් වෙරළ සොයා....//
යළි දියඹට ඇදෙන නියා
නුඹත් මගේ හිත කළඹා 
ඉන්න වගේ ඇවිදින් 
යන්න යන හැටි... යන හැටි.......

යන්න දෙන්න මට.......

නුඹ ඇවිදින් කළඹපු හිත 
හදාගත්තේ හරි අමාරුවෙන්
මං හදාගත්තේ හරි අමාරුවෙන්.......