යංyan

Yan

සංගීතය:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
පද රචනය:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

ගී පද

 මන්දාරම් කළුවරේ
 හැන්දෑ අහසට හිතේ
 සංකාවට හේතු කියා සිටියා
 ඈතින් තරුවක් වගේ
 ගණඳුර පීරා නුඹේ
 ඇස්වල ආලෝකය මං දුටුවා

 අත් අල්ලන් ඉක්මන් ගමනින් යං
 ප්‍රේමය පපුවේ පුරවන්
 වෙන ලස්සන තැනක් හොයන්
 හති වැටුනොත් පපුවට වාරු වෙයන්
 යනතුරු අන්තිම හුස්මන්
 එකපාරක එකටම යං
     
 සාගරයෙන් පීනා
 ආකාසෙන් පියඹා
 කොහෙහරි යං සක්වල පුරා
 මිනිසුන්ගේ ප්‍රෝඩා
 බොරුවෙන් පිරි සිනහා
 නැති තැන ඉමු අපි ළංවෙලා

 අත් අල්ලන්...

 සන්තෝෂෙන් දෙන්නා
 ඉන්නා බව දිවුරා
 අරමුණු වෙත ළංවෙනතුරා
 විශ්වාසෙන් මා හා
 යමු සටහන් තියලා
 නම් දෙක ඉතිහාසෙට ලියා

 අත් අල්ලන් ඉක්මන් ගමනින් යං
 
 හති වැටුනොත් පපුවට වාරු වෙයන්
 
 අත් අල්ලන්...