යමුනා ගංතෙරyamunaa ganthera

Yamuna Ganthera

පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

යමුනා ගංතෙර
තමලු ලතා හෙවණේ
යොහොඹු කුසුම් යහනේ
රාධා බලා හිඳී
ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා  ක්‍රිෂ්ණා 

නළලත බබලණ සඳන තලාවයි
සිරුරක ඝන නිල් මේඝ වලාවයි
මානස විල මැද රණ තිසරාණයි
වුන්දා වනයේ වසන්තයයි
ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා  ක්‍රිෂ්ණා 

මලය ගිරේ මධු ගීත කලාවයි
තෙබුවන රැකුමේ ඉසුඹු වෙලාවයි
වන රේඛාවේ රණ මොනරාණනි
තරුද නොපායන රාත්‍රියයි
ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා  ක්‍රිෂ්ණා 

යමුනා ගංතෙර ....