යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍yaaluwoo maaluwoo yaaluwoo

Yaluwo Maluwo Yaluwo (Tharawo Igilethi)

පද රචනය:
ලූෂන් බුලත්සිංහලluushan bulathsinhala

ගී පද

යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//
මා‍ලු‍ න‍සී‍ උ‍ඩි‍න්‍ වැ‍ටෙ‍න‍ ඇ‍ම‍ ක‍න‍ හි‍න්‍ඳා‍
යා‍ලු‍ න‍සී‍ මේ‍ මං ව‍ගෙ‍ ල‍ණු‍ ක‍න‍ හි‍න්‍ඳා‍//
යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍...//

පණ දෙන්නට කියා ඇවිත්
හුස්ම ඩිංග හිර කරතී
වලකින් ගොඩලන්න කියා
ගල් ගෙඩියක් දමා යතී...

අවුලට ඇවිදින් ලංවී
රැවුලට ගිනි තියා යතී
උණු හින්ඳා බොන්න බැරී
කිරි හින්ඳා හලනු බැරී...

යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍...//

ඉස්සරහින් යන්න එපා
පිටිපස්සෙන් ඇවිත් අනී
පිටිපස්සෙන් යන්න එපා
බොරු වළකට දමා පනී...

අත්වැල් බැඳ යන්න එපා
විපතක් දුටු මතින් පනී
ඇතුවත් බැරි නැතුවත් බැරි
දෙයියො දනී කුමක් වැනී...

යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍...//