යාළු යාළුyaalu yaalu

Yalu Yalu

සංගීතය:
එඩ්වඩ් ජයකොඩිedwad jayakodi
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

යාළු යාළු මේ අහන්නකෝ 
(මගේ යාළු මේ අහන්නකෝ.....//)
යාළු යාළු මේ අහන්නකෝ......

ඇලේ දොළේ පීනන්නයි වරල් ලැබුණේ මාළුවන්ට
හිත පුරාම සතුට දෙන්න බලන් ඉන්න යාළුවන්ට
ගොඩ ඉඳගෙන බැරිද යාළු මාළු දිහා බලන් ඉන්න
දියේ දුවන පනින මාළු එපා දියෙන් ගොඩට ගන්න......

යාළු යාළු......//

තටු ලැබුණේ නිල් අහසේ පියාඹන්න කුරුල්ලන්ට
ඉගිල ඉගිල දවස පුරා අහසම ලස්සන කරන්න
කූඩුවකට ගන්නේ නැතුව බැරිද කුරුල්ලන් බලන්න
අහස අයිති කුරුල්ලන්ට එපා අහස නැති කරන්න......

යාළු යාළු.....//