යලි හමුවෙන්නෙ කෙදිනද අපිyali hamuwenne kedhinadha api

Yali Hamuwenne Kedhinadha Api

සංගීතය:
පියත් රාජපක්ෂpiyath raajapaksha
පද රචනය:
ඩිලාන් වීරසූරියdilaan wiirasuuriya

ගී පද

නුහුරුය මට ඔබ නැති මේ කාලේ
දෙතැනක ඉඳ මුමුණමු අපෙ ආලේ

දෙමසක් යන්න එනවා ගෙවී
යලි හමුවෙන්නෙ කෙදිනද අපි

ඔබ විමසූ වෙලේ  
දෙනුවන් තෙත් වුනේ
එනවා මතු දිනේ
ඔබමයි ජීවිතේ
මා ආදරේ
මා ආදරේ

ළඟ හිඳ සිප සනසන්නට බෑනේ
හද නළවන ඔබෙ උණුහුම ඕනේ
මගෙ හද ඔබම සොයනා හැටී
අපි ඇයි මෙහෙම අපගෙන් මිදී

දෙමසත් යන්න එනවා ගෙවී
යලි හමුවෙන්නෙ කෙදිනද අපි

ඔබ විමසූ වෙලේ
දෙනුවන් තෙත් වුනේ
එනවා මතු දිනේ
ඔබමයි ජීවිතේ
මා ආදරේ
මා ආදරේ
මා ආදරේ